සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය ලබයි

    පෙබරවාරි 27, 2018
    පසුගිය 2017 වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ ලැබූ වැඩිම ලාභය වන මිලියන 13324ක වාර්තා ගත ආදායමක් ලබාගැනීමට සමත් වූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
     
    පසුගිය වසරේ දී හම්බන්තොට වරාය බදු දීමත් සමග වරාය අධිකාරිය ගෙවිය යුතු ව තිබූ ණය බරින් නිදහස් වීම මෙම ලාභය ලැබීමට විශාල රුකුලක් වූ බවත් සෑම සේවකයෙකුටම මේ වසරේ ජනවාරි 01දා සිට රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිය ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැටුප් වර්ධකය සියලු ම සේවකයින්ට ලබාදීමට කටයුතු කරන බවත් රුපියල් 5000ක් ඍජුවම මූලික වැටුපට එක්කිරීම සුවිශේෂි කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    පසුගිය 2006 වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය  බිලියන 2.5ක ලාභයක් ද, 2007 වසරේ දී බිලියන 2.7ක අලාභයක් ද, 2008 වසරේ දී රුපියල් බිලියන 10.5ක  අලාභයක් ද, 2009 රුපියල් බිලියන 2.1ක ලාභයක් ද, 2010 වසරේ දී බිලියන 1ක පාඩුවක් ද, 2011 වසරේ දී මිලියන 583 ලාභයක් ද, 2012 වසරේ දී රුපියල් මිලියන 2396ක ලාභයක් ද, 2013 වසරේ දී රුපියල් මිලියන 1576ක ලාභයක් ද, 2014 වසරේ දී රුපියල් මිලියන 8896ක ලාභයක්ද, 2015 වසරේ දී මිලියන 14168 අලාභයක් සහ 2016 වසරේ දී  බිලියන 01ක ලාභයක් ද ලබා ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    වරාය අධිකාරිය යනු රටේ ආර්ථිකයේ ප්‍රධාන සංධිස්ථානය බව පෙන්වාදෙන අමාත්‍යවරයා අපනයන වගේ ම ආනයන සියල්ල සිදු වෙන්නේ මේ ආයතනය හරහා බවත් පඩි වැඩිකිරීමට අමතර ව තවත් වරප්‍රසාද රාශියක් වරාය අධිකාරි සේවකයන්ට ලබාදීමට කටයුතු කර ඇතැයි ද පැවසීය.
     
    2017 දී ප්‍රති අපනයන ක්ෂේත්‍රයේ 20%ක වර්ධනයක් පෙන්වන බවත්  එහි උපරිම වර්ධනයක් 4වැනි කාර්තුවේ දී පෙන්වා ඇතැයි ද කොළඹ වරායේ වැඩි වශයෙන් ප්‍රති අපනයන මූලස්ථානයක් විදිහටයි කටයුතු කරන අතර ම බහළු සංසරණය මිලියන 05 සිට මිලියන 06ක ඉලක්කය දක්වා වර්ධනය වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya