පෙරේදා රාත්‍රියේත් ඊයේ 12 දවස පුරාත් පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 143ක් සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 43ක් ද නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 13ක් වශයෙන් නිවාස 196කට අලාභ හානි සිදුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කේ.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.
මෙම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු හා කාර්යමණ්ඩලද, ග්‍රාම නිලධාරීන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා අවතැන්වූවන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීමට මේ වන විට කටයුතු යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
ECB