මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාපිටිය රෝහලට නව ඒකක දෙකක්

    ජූලි 13, 2014
    රුපියල් මිලියන 885ක වියදමින් කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ රක්තකාන්දු පෙරණ ඒකකයක් හා වකුගඩු රුධිරවාහිනි බද්ධ කිරීමේ ඒකකයක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කොට ඇත. 
     
    මේ අනුව අලුතින් වකුගඩු රෝගීන් සඳහා වන වාට්ටු දෙකක්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකයක් සහ වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණාගාරයක් ඇතුළත් වන අයුරින් පස් මහල් ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීමට නියමිතය. මේ සඳහා සැලසුම් සකස් කිරීම ඉංජිනේරුමය  කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මගින් සිදු කොට ඇත. 
     
    මෙම නව ඒකක දෙක ආරම්භවීමත් සමඟ මොනරාගල, රත්නපුර වැනි යාබද දිස්ත්‍රික්කයන්හි ජනතාවට පහසුවෙන් මෙම සේවාවන් ලබාගත හැකි වේ.
     
    මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටු ආවරණ අනුමැතියට යටත්ව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya