මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන සතිය ජූලි 07-13

    ජූලි 11, 2014

    යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඊයේ (10) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ‍පැවති ඩෙංගු මර්දනය පිළිබඳ සාකච්ඡාවේදී ජූලි 07 සිට 13 දක්වා සතිය ඩෙංගු මර්දන සතිය ලෙස නම් කළ බව දැනුම් දෙන ලදී.

    මෙවැනි ඉඩෝර කාලයක ඩෙංගු සීග්‍රයෙන් පැතිර යාම සිදු වන බැවින් එය මර්දනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙතෙක් යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් වෛද්‍ය නිලධාරීන් එක්ව පරිසරය පිරිසිදු කිරීම් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යම් ප්‍රමාණයකට ඩෙංගු මර්දනයක් සිදුව ඇති බව අරුමෙයිනායගම් මහතා පවසන ලදී.

     

    ඩෙංගු මර්දන සතියේදී ද මෙම නිලධාරීන්ගේ සහය ඇතුව මහජනතාවගේ සහභාගීත්වයෙන් එවැනි ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

     

    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිලධාරීතුමා, ප්‍රාදේශීය සභා සභාපති, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොදු සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ හමුදා නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    SDF/MAP

    Dengue 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya