මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් වසනවා වෙනුවට කළ යුත්තේ අභියෝග මධ්‍යයේ පවත්වාගෙන යාමයි

    ජූලි 11, 2014
    පාසල්වල පවතින ගැටලු හේතුවෙන් පාසල් වසා දැමීම පහසු වන අතර එය අපගේ දක්ෂතාව නොවන බවත් එම පාසල්වල පවතින ගැටලුවලට පිළියම් යොදා අපහසු  වුවත් නිවැරදි තීරණ ගෙන පාසල් සංවර්ධනය කිරීම අපගේ වගකීම බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජගිරිය, කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම හා නව ක්‍රීඩාගාරය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට අද (11) දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. 
     
    මේ සඳහා රුපියල් ලක්ෂ 48ක් වැය කිරීමට  අපේක්ෂිතය. එම විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය තිහගොඩ භද්දිය නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත සම්පත් දායකයින්ගේ ප්‍රතිපාදන යොදාගනිමින් මෙම ක්‍රීඩාපිටියේ සංවර්ධන කටයුතු සිදුකෙරේ.
     
    "ගැටලුවලට පිළියම් යොදන්නේ නැතුව ළමයින්ගේ ඇතුළත්වීම අඩුයි කියන නිගමනයට පැමිණ පාසල වසා දමන එක පහසුයි. නමුත් අපි ගත යුත්තේ පහසු තීරණ නොවෙයි. නිවැරදි තීරණ. පහසු තීරණ හැම වෙලාවේදිම නිවැරදි තීරණ වෙන්නේ නැහැ. නිවැරදි නොවන පහසු තීරණ ගන්නවිට ඉන් අමාරුවේ වැටෙන්නේ ප්‍රජාව මිසක් වෙන කවුරුවත් නොවේ. ඒ නිසා තමයි අපි මේ පාසල වැසීයාමට ඉඩ නොදී එදා මැදිහත් වුණේ".
     
    පාසල් සංවර්ධනයට මෙන්ම පොදු සංවර්ධන කටයුතු සිදුකිරීමට රුපියල් මිලියන 5000කට  ආසන්න මුදලක් කඩුවෙල ආසනයට වෙන් කොට ඇති බවත් එම මුදලින් සැළකිය යුතු මුදලක් පාසල් දියුණු කිරීමට වෙන් කොට ඇති බවත් පෙන්වා දුන් වීරවංශ අමාත්‍යවරයා කඩුවෙල ආසනයේ සෑම පාසලකම පොදු පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 1100ක් වෙන් කළ බවත් පැවසීය. 
     
    මධ්‍යම රජයෙන් ලැබුණු මුදලින් ලක්ෂ 1100 ක මුදලක් පාසල් සංවර්ධනය සඳහා වෙන් කොට ඉදිරි කාලය තුළ ඉතා විශාල වැඩකොටසක් පාසල් සංවර්ධනය වෙනුවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ ආකාරයෙන් කඩුවෙල පිහිටි  පාසල් 34ක සංවර්ධන කටයුතු  සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස  රාජගිරිය, කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය ඉදිකිරීම හා ක්‍රීඩාපිටිය සංවර්ධන කිරීම සිදුකෙරේ. මේ සඳහා රුපියල් ලක්ෂ 48ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතය. ක්‍රීඩාගාරය සඳහා රුපියල් ලක්ෂ 27ක් හා ක්‍රීඩාපිටිය සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 21 ලෙස මෙම  ලක්ෂ 48 යෙදවීමට නියමිතය. ක්‍රීඩාගාරයට මුල්ගල තැබීමට අමතරව එම පාසලේ අභිනවයෙන් ඉදිකළ  ක්‍රීඩා පිටියට ප්‍රවේශවන පියගැටපෙළ විවෘත කිරීම ද විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ.
     
    මීට අමතරව එම පාසලේ අවිධිමත්ව ඉදිකර තිබූ පන්ති කාමරයක් විධමත් ලෙස සංවර්ධනය කර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් සඳහා වෘත්තීය මැහුම් පාඨමාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එම ගොඩනැගිල්ල විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ. වීරිය කාන්තා සංගමය විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන  අතර දරුවන් පාසලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව්පියන් නිකරුණේ පාසල කුළ කාලය ගතකිරීම නවතා ඒ වෙනුවට එම මව්පියන්ට වෘත්තීය අධ්‍යපානයක් ලබාදීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.
     
    2012 වර්ෂයේදී වසා දැමීමට නියමිතව තිබූ මෙම කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය විමල් වීරවංශ අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් නැවත සිසු අයිතියට පත්කරන  ලදී. ප්‍රාථමික පාසලක් වන මෙම විද්‍යාලයේ 160 කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය හදාරන අතර 8 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් ද සමන්විතය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ, රොජර් සෙනෙවිරත්න, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, නාගරික මන්ත්‍රීවරුන් වන මනෝජ් බෙත්මගේ, අනිල් පෙරේරා, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු  සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂ තනුජා රංගොඩගේ යන මහත්ම මහත්මීහු, ගුරු මණ්ඩලය, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, දෙමව්පියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB
     
    MP WW SCHOOL GROUND OPEN 1
     
     
    MP WW SCHOOL GROUND OPEN 2
     
    MP WW SCHOOL GROUND OPEN 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya