මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල සංවර්ධනයට රුපියල් කෝටි 173ක්

    ජූලි 11, 2014
    දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා රුපියල් කෝටි 173ක්  ලබාදී තිබේ.
     
    මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල, වැල්ලවාය සහ බිබිල යන මැතිවරණ ආසනවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ග්‍රාමසේවා වසම් 319ක් මේ යටතේ  සංවර්ධන වැඩටසහන් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්කයේ පවුල් 132,370කට අයත් 448,142ක ජනයා මෙහි ප්‍රතිලාභීන් වේ. ඒ අතර සිටින දිවි නැගුම ප්‍රතිලාභීලාභීන් සංඛ්‍යාව 46,674කි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මගින් ගම්මාන 356කට සෙත  සැලසෙන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ පද්මනාදන් මහතා ප්‍රකාශ කරයි.
     
    මෙම සංවර්ධන වැඩසටහන් මොනරාගල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ අමාත්‍යවරුන් වන සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුනි සොයිසා, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ගේ මගපෙන්වීම යටතේය.
     
    මේ අනුව දිස්ත්‍රික්කයේ පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දස ලක්ෂ 40ක් ද, ගම නැගුම වැඩසහන යටතේ දස ලක්ෂ 403ක් ද, වනජීවී සංරක්ෂණය සඳහා දස ලක්ෂ 90ක් ද, දිවි නැගුම ජීවනෝපාය වැඩසටහන් සඳහා දස ලක්ෂ 90ක් ද, සුළු වාරි මාර්ග අලුත්වැඩියාව සඳහා රුපියල් දස ලක්ෂ 211ක් ද, අභ්‍යන්තර ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් දස ලක්ෂ 40ක් ද ලබාදී තිබේ.
     
    ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දස ලක්ෂ 100ක් ද,  විමධ්‍යගත අයවැයෙන් දස ලක්ෂ 25ක් ද ලැබී ඇත.
     
    මෙයට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙහෙයවීමෙන්  රට පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාලම් 12ක් දැනටමත් තනා නිමකර තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු මෙම වසරේදී ඇරඹීමට යෝජිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya