මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එගොඩඋයන මහල් නිවාස සංකීර්ණය අද ජනතා අයිතියට

    ජූලි 12, 2014
    රුපියල් මිලියන 18ක වියදමින් වසර 20කට පසුව මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරුණු මොරටුව, එගොඩඋයන මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12)  පස්වරු 3.00ට එම මහල් නිවාස සංකීර්ණයේ දී සිදුකෙරේ.
     
    "මහින්ද චින්තන ඉදිරි  දැක්ම" යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජන සෙවණ" "නගමු පුරවර" ජාතික වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකර තිබේ.
     
    මහල් 4 බැගින් වූ ගොඩනැගිලි 4කින් සමන්විත මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ සමස්ත නිවාස ගණන 64කි.
     
    සියලු ගොඩනැගිලිවල වහල අලුතින් දැව රාමු යොදා සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම, සියලු ගොඩනැගිලිවල ජල බස්නා නල, වැහි පීලි, වඩිම්බු ලෑලි අලුතින් සවි කිරීම, පිටත බිත්ත අලුත්වැඩියා කර වර්ණාලේප කිරීම,  ගොඩනැගිලි 4 සඳහා ලීටර් 500යේ ජල ටැංකි 16ක් ස්ථානගත කිරීම, වැසි ජල කාණු පද්ධතිය ඉදිකිරීම,  ප්‍රවේශ මාර්ගය සකස් කිරීම, ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරීම, බුදු මැදුර ඉදිකිරීම යනාදි ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මීට ඇතුළත් වී ඇත.
     
    මෙම අවස්ථාට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, එහි නාගරික මන්ත්‍රී  සුරේෂ් ඉන්දික, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහත්වරුන්, නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya