මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ආරක්ෂක හමුදාවනට බැඳුණු තරුණයින්ට වෘත්තීය පුහුණුව

    ජූලි 11, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී තම මව්බිමට සේවය කිරීමට කැමති පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් තරුණයින් සඳහා වෘත්තීය පුහුණු කටයුතු ආරම්භ කොට ඇත.
     
    මෙම දිස්ත්‍රික්කවලින් තරුණයින් 426 දෙනෙකු බඳවා ගන්නා ලද අතර අනතුරුව රියැදුරු, ලිපිකරු, පරිගණක ක්‍රියාකරු, වඩුවැඩ, පින්තාරු, වැද්දුම්, මේසන් වැඩ, එන්ජින් සවිකරන්නන්, විදුලි කාර්මික, සැලසුම් නිර්මාණකරු, ගබඩා භාරකරු, ජෙනරේටර් ක්‍රියාකරු, ඇළුමිනියම් වැද්දුම්කරු, කෝකීවරුන්, ඇඳුම් මසන්නන් ආදී වෘත්තීයයන් සඳහා මොවුන් පුහුණු කිරීම සිදු කෙරේ. 6 වන ශ්‍රී.ල.යු.සේ. බලකායේ කන්දකාඩු ගොවිපළ සඳහාද මොවුන්ගේන් 133 දෙනෙකු යොමු කොට ඇත.
     
    ශ්‍රී ලංකා යුද හමුදාව වෙත මෙම ආකාරයෙන් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් තරුණ තරුණියන් බඳවා ගැනීම් 2014 වර්ෂය ආරම්භයේ සිට සිදු කරන ලද අතර මෙහි මුල් අදියරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත දමිළ තරුණියන් 111 දෙනෙ‍කු බඳවා ගන්නා ලද අතර මෙම අදියරේදී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ තරුණයින් 700 දෙනෙකු බඳවා ගැනීමට අදහස් කර ඇත. 
     
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම ප්‍රදේශයන්හි ආරම්භ කර ඇති විවිධ ව්‍යාපෘතීන්හි සේවය කිරීම සඳහා මොවුන් යෙදවීමට පෙර ඔවුන්ගේ පුහුණු කාල සීමාවේදී ද ඔවුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya