මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවේ ගර්භනී මව්වරුන්ට නොමිලේ එළකිරි වීදුරුවක්

    ජූලි 11, 2014

    පිරිසිදු එළකිරි පානය හා නිෂ්පාදනය සඳහා ‍ප්‍රජාව යොමු කිරීමේ වැඩසටහන් රැසක් මහින්ද චින්තනය යටතේ මඩකළපු දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කර ඇත.

    ඊට සමගාමීව පසුගිය බදාදා (09) කෝරළේ පත්තු ප්‍රාදේශීය සභාවේ පේට්‍රාලෙයි සහ කල්කුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසවල මාතෘ සායනයන්ට පැමිණි ගර්භනී මව්වරුන්ට වාලච්චේන රජයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් එළකිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කර ඇත.


    වාලච්චේන රජයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී ඊ. ගජේන්ද්‍රකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

     

    වාලච්චේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ.බී. දිසානායක, වාලච්චේන රජයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය ‍‍ටී.ආර්.ආර්. වින්සන් ස‍හ සංවර්ධන නිලධාරිනී සිවඥානම් මහත්මිය සහභාගී වූහ.

    Milk 2

    Milk 3

    Milk 4

    SDF/MAP/LDA_dmu_batti

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya