මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ළමුන්ට වඩාත් සුරක්ෂිත පාසලක්" වැඩසටහන අද පොලොන්නරුවේ

    ජූලි 11, 2014
    "ළමුන්ට වඩාත් සුරක්ෂිත පාසලක්"යන්න තේමා කර ගනිමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන අද (11) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.


    ළමුන්ට සුරක්ෂිත පාසලක් ලෙස පාසල් පරිසරය හා ආකල්ප සංවර්ධනය කරගන්නේ කෙසේද? යන්න පිළිබඳ දිස්ත්‍රික්කයේ පාසල් 50ක විදුහල්පතිවරුන් හා උපදේශක ගුරුවරුන් දැන්වත් කෙරෙන වැඩසටහන් මෙහිදී පැවැත්වෙනු ඇත. ළමුන්ගේ අදහස් හා තමන්ට පැවසිය යුතු කරුණු බහාලිය හැකි "සිනහ, කඳුළු පෙට්ටිය" මැයෙන් වූ අදහස් හා යෝජනා පෙට්ටි පාසල් 50ක් අතර බෙදාදීම ද මෙහිදී සිදු කෙරේ.

     

    පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී.ඩී. පබාශීලී ජයලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

     

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya