මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග‍්‍රාමීය ආර්ථික කටයුතු ප‍්‍රවර්ධනය රජයේ ප‍්‍රමුඛ කාර්යභාරයක්

    ජූලි 11, 2014
    මධ්‍යම මට්ටමේ ඒකපුද්ගල ආදායමක් ලබන රටක් වශයෙන් ගමේ ආර්ථික ක‍්‍රියාකාරකම් සුලබ කිරීම සිදුවිය යුතු බව රජය විශ්වාස කරන බවත් මේ සඳහා වැඩපිළිවෙළක් වත්මන් රජය ක‍්‍රියාත්මක කරන බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ මොහොත්තාව ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

     

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 16ක් වැය කර තිබේ. මෙයින් ප‍්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 25ක් පමණ වේ. ග‍්‍රාමීය ප‍්‍රදේශ සඳහා විදුලිය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යතුමාගේ විමධ්‍යගත අරමුදල් මේ සඳහා වැය කර ඇත.

     

    ග‍්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ග‍්‍රාමීය අවශ්‍යතා සංවර්ධනය සඳහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන අදාළ ප‍්‍රදේශවලට ලබාදීම කඩිනමින් සිදු කරන බවත් එක් ගමක අවශ්‍යතා සඳහා රුපියල් මිලියන ගාණක්‍ වත්මන් රජය වැයකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 


    විදුලිය නොමැතිව ජීවත් වූ ග‍්‍රාමීය ජනතාවට ස්තූතිවන්ත වන බවත් ග‍්‍රාමීය ජනතාව තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී නිහඬව කටයුතු කරන බවත් ඔහු කීය. වත්මන් රජය ග‍්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට වැඩි අවධානයක් යොමු කර ඇති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. 
     
    යුද්ධය නිමවීමත් සමඟ පළමුවෙන්ම වත්මන් රජය ග‍්‍රාමීය ප‍්‍රදේශවල පැවති අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළේය. ග‍්‍රාමීය ප‍්‍රදේශ ඒ මට්ටමින් පැවතීම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බව මාගේ විශ්වාසයයි. ගම සංවර්ධනය කිරීමේ දී කිසිම විටක දේශපාලනය බලා කටයුතු කර නැහැ. දේශපාලන භේදයකින් තොරව ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කර ඇති බවත් විදුලිය ලබාදීම සඳහා වෙනත් ප‍්‍රදේශයක් නොමැති තරමට විදුලිය ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     

    දැයට කිරුළ වැඩසටහනට අමතරව රුපියල් ලක්ෂ 4000ක් පමණ පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදී තිබේ. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමාට සෑම දෙනාම ස්තූතිය පිරිනැමිය යුතුයි. දෙවනුව ගමේ ආර්ථික ක‍්‍රියාකාරකම්  නිර්මාණය කිරීම රජයේ කාර්යභාරයක් වශයෙන් සළකා කටයුතු කරනවා. ඒ අනුව කාන්තාවන් සවිබල ගැන්වීම, ස්වයංරැකියා අවස්ථා බහුල කිරීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    යටිතල පහසුකම් සංවර්ධනය වන තරමටම ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තියත් වැය කිරීම් ද වැඩි වී ඇත. විශේෂයෙන්ම විදුලිය නිසා විදුලි උපකරණ සඳහා වැය කිරීම් වැඩි වී ඇති බවත් සන්නිවේදනයේ දියුණුව නිසා දුරකතන සඳහා වූ වැයකිරීම් වැඩි වී ඇති බවත් ඔහු කීය. එසේම ගමනා ගමනය සඳහා තමන්ගේ වූ වාහනයක් භාවිත කිරීමට පුරුදුවීම නිසා ඉන්ධන සඳහා ද යම් මුදලක් වැයකිරීමට සිදුවී ඇත. මේ සුවපහසුව සඳහා යම් මිලක් නියම වී ඇති නිසා ගෘහ ඒකකයක් අමතර මුදලක් මේ සඳහා ඉපැයීමට වුවමනා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ජනතාවට අමතර වාසි ලබාගැනීමට හැකි ආකාරයෙන් පොහොර සහනාධාරය ලබාදීම රජය විසින් ක‍්‍රියාත්මක කරනු ඇත. මේ කිසිම ව්‍යාපෘතියක දී පක්ෂ දේශපාලනය සළකා නොබලයි. පොදුවේ රට සංවර්ධනය කිරීම මේ රජයේ අරමුණයි. ඒ අරමුණ වෙනුවෙන් එකමුතුව වැඩ කිරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya