මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන් වෙනුවෙන් යෝජිත ශීත ගබඩාව කඩිනමින්

    ජූලි 10, 2014
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන් වෙනුවෙන් ඉදිකර දීමට යෝජිත ශීත ගබඩාව ගොවි ජනතාව වෙත ලබා දීමට විශේෂ ව්‍යාපෘතියක් අරඹා ඇත. 

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ප්‍රජාව වෙත ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට විවිධ වූ ව්‍යාපෘතීන් රජය විසින් ක්‍රියාත්මක කර ඇත. 

    සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු සංකීර්ණයේ ඉදිකිරීමට නියමිත මෙ.ටො. 250ක  බීජ අර්තාපල් ගබඩා කළ හැකි මෙම ශීත ගබඩාව සඳහා මිලියන 100ක මූල්‍යමය ප්‍රතිපාදන වැය කිරීමට නියමිත අතර මහාභාණ්ඩාගාරය විසින් එම මුදල් ලබා දීමට එකඟතාව පළ කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මූලිකත්වය යටතේ මෙම සුවිශේෂී ශීත ගබඩාව නුවරඑළියේ අර්තාපල් වගාවේ නියැළෙන ගොවි ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට නියමිතය.

    අර්තාපල් වගා කොට ඉන්පසුව එළැඹෙන කන්නය මාස 09කින් ආරම්භ වේ. එහිදි ආරම්භයේදී නෙළා ගන්නා බීජ අල මාස 09ක් වැනි දීර්ඝ කාලයක් පවතින දේශගුණය සමඟ තබා ගැනීම අසීරු වන අතර එසේ තබා ගන්නා බීජ අල ගුණාත්මකභාවයෙන්ද අවම වේ. එමෙන්ම එම බීජ අර්තාපල් පාරිභොජන අර්තාපල් ලෙසද භාවිතයට ගැනීමට ගොවීන් පෙළඹේ. මේ නිසා අර්තාපල් ගොවීන් සිය බීජ අල ඉතා කෙටි කාලයක් තුළ වෙනත් අර්තාපල් ගොවීන් වෙත අලෙවි කිරීමට පෙළඹේ. මෙම හේතු නිසා එළඹෙන  කන්නය තුළ නැවත වරක් විශාල මුදලක් බීජ අර්තාපල් මිලදී ගැනීමට වියදම් කළ යුතු අතර, අක්කරයක පමණ ප්‍රදේශයක අල වගා කිරීමට බීජවලට පමණක් අවම වශයෙන් රු ලක්ෂ 1.5 - 2.5ක පමණ විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. මෙවැනි ගොවි ගැටලුවලට විසඳුමක් ලෙසින් ඉදි වන සීතාඑළිය ශීත අර්තාපල් ගබඩාව නුවරඑළිය අර්තාපල් ගොවීන්ට පමණක් නොව බදුල්ල සහ වැලිමඩ අර්තාපල් ගොවීන් සඳහාද ප්‍රතිලාභ රැසක් අත්කර දීමට නියමිතය. 

    එබැවින්, මෙසේ තැන්පත් කරන බීජ අල මාස 09ක කාල සීමාවකින් පසුව ඉතා හොඳ තත්ත්වයෙන් වගා කිරීමට අවස්ථාව උදා වේ. එමගින් ඉහළ ඵලදාවක් අපේක්ෂා කළ හැකි අතර එය රටේ හෙට දවසේ අර්තාපල් අවශ්‍යතාවට දක්වන දායකත්වය සුළුපටු නොවේ. 

     

    NDH/SDF_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya