මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දනය සඳහා නව උපකරණයක් මඩකළපු‍වෙන්

    ජූලි 10, 2014

    සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා භාවිත කළ හැකි නව උපකරණයක් පිළිබඳව මඩකළපු‍වෙන් වාර්තා වේ.


    ශාන්ත මයිකල් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය හදාරා මහනුවර කුණ්ඩසාලේ කෘෂිකාර්මික විද්‍යාලයෙන් උපාධියක් ලද එන්. සෝමසූරියන් තිරුමාරන් නම් තරුණයා මෙම උපකරණය නිපදවා ඇත.


    මෙහි ක්‍රියාකාරිත්වය අද (10) මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ඇතුළු මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හට පැහැදිලි කරන ලදී.

     

    ජලය, පොල් තෙල් හා ඉවත දමන ප්ලාස්ටික් බෝතල් උපයෝගී කරගනිමින් ඔහු මෙම උපක්‍රමය සොයා ගෙන ඇත. ඉතාමත් අඩු පිරිවැයක් දරමින් මෙම උපක්‍රමය නිවසේදී ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්  ක්‍රියාත්මක කළ හැක.


    මෙය ඩෙංගු මදුරුවාට අටවන එක්තරා උගුලක් හා සමානය. ඉවත දමන ප්ලාස්ටික් බෝතලයක් කපා සාදා ගන්නා කොටසට ජලය හා පොල් තෙල් දමා එකට මිශ්‍ර කර නිවසේ තැබීම මෙම උගුලයි. ඩෙංගු මදුරුවන් මෙ‍ම ද්‍රාවණයේ බිත්තර දැමූ විට එම බීජ අජීවී බව‍ට පත් වන බව දීර්ඝ කාලයක් මෙම ක්‍රමය තම වගා බිම තුළ අත්හදා බැලූ ඔහු පවසයි. මෙවැනි විවිධ පහසු උපක්‍රමයන් ඔහු තම වගා බිම තුළ කෘමීන් මර්දනය සඳහා යොදා ගන්නා බව ද පවසයි.

     

    batty moskito trap


    SDF/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya