අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹිමට සියල්ල සූදානම්

    ජූලි 08, 2017
    මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 
     
    මේ වසරේදී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක මුදලක් වැය කිරීමට නියමිතව ඇත. 
     
    මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 වසර වන අවසන් කිරීම රජයේ අපේක්‍ෂාවයි. එහි රැස් කිරීමට අපේක්‍ෂිත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්‍ෂ හැට හය දහස් හාරසිය දහසයකි.(166416). කුඹුරු අක්කර 36,000 ට යල මහ දෙකන්නෙහිම ජලය සැපයීමත් නව වගා බිම් අක්කර 2000 ක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි. 
     
    අනුරාධපුරය, වව්නියාව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක එකට යා කෙරෙමින් ඉදි කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ ප‍්‍රදේශ ගණනාවක නිරන්තරයෙන් ඇති වන ගංවතුර තත්ත්වයන්ට ස්ථිරසාර විසඳුම් ලබා දීමයි. එමෙන්ම ව්‍යාපෘතියට සමගාමීව ජල විදුලි බලාගාරයක් ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්‍ෂා කෙරේ.
     
    මත්වතුඔය ව්‍යාපාරයෙන් ලැබෙන තවත් ප‍්‍රතිලාභයක් වන්නේ පිරිසිදු පානීය ජලය සැපයීමයි. වකුගඩු උවදුර පැතිර යන රජරට ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට මේ යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමට ද සැලසුම් කොට ඇත. 
     
    ව්‍යාපෘතියට සමගාමීව ප‍්‍රදේශ රැසක මාර්ග පද්ධතිය ඉතා දියුණු මාර්ග පද්ධතියක් බවට පත්කෙරෙන අතර තන්තිරිමලේ ප‍්‍රදේශයේ අංග සම්පූර්ණ නගරයක් ඉදි කිරීමටද නියමිතය. මෙම ව්‍යාපෘතියට අදාල වැව් බැම්ම ඉදි කිරීමේ කටයුතු ලබන වසර මුලදී ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 12,300 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya