මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ "සුරම්‍යගම" අද ජනතා අයිතියට

    ජූලි 06, 2017
    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 33වන උදා ගම්මානය ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර මිරිස්වත්ත, මහකුරුන්දේ "සුරම්‍යගම" උදා ගම්මානය අද (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
     
    ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නව නිවාස 25කින් සමන්විත "සුරම්‍යගම" නිවාස ඉදිකරගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබාදී තිබේ. සෑම නිවසක් ම පර්චස් 10ක ගෙවත්තකින් සමන්විත වන අතර පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත්ව සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ද ලබා දී තිබේ.
     
    මෙම අවස්ථාවට සමඟාමී ව ප්‍රදේශවාසී අඩුආදායම්ලාභී පවුල් 660කට රුපියල් ලක්ෂ 660ක "විසිරි නිවාස ණය" ලබාදීම, පවුල් 50කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම, "සෙවණ" අරමුදල මගින් විශේෂ පරිත්‍යාග සිදු කිරීම ද සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya