අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 340 දෙනෙකු සබරගමුව ගුරු සේවයට

    ජූලි 06, 2017
    සබරගමුව පළත් ගුරු සේවය සඳහා උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 340 වෙත පත්වීම් ප්‍රදානය කිරීම පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් ඊයේ (05) සිදුවිය.
     
    රැකියා විරහිත උපාධිධාරීන් සහ  ඩිප්ලෝමාධාරීන් 4000 අතුරෙන් මෙම 340 දෙනා ස්වාධීන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සබරගමුව පළාත් ගුරු සේවාව සඳහා තෝරා ගෙන ඇත.
     
    මෙලෙස පත්වීම් ලැබූවන් පාසැල් පාදක පදනමින් අති දුෂ්කර  ප්‍රදේශවල වසර 05ක අනිවාර්යය සේවා කොන්දේසි මත සේවයේ පිහිටුවීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. දෙමළ මාධ්‍ය උපාධිධාරීන් සබරගමුව පළාත තුළින් මෙන්ම සෙසු පළාත්වලින් ද බඳවා ගැනීමට කටයුතු කොට ඇත.
     
    මේ වර්ෂයට පමණක් මේ වන විට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 1800 පමණ සබරගමුව පළාත් සභාව විසින්  බඳවා ගෙන තිබේ.
     
    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුණිප්‍රිය, පළාත් සභා සභාපති  කංචන ජයරත්න, පළාත් සභා උප සභාපති උදයකාන්ත ගුණතිලක, සභානායක අශෝක ජයවර්ධන, විපක්ෂ නායක ඩබ්. සෝමදාස, පළාත්  සභා මන්ත්‍රීවරුන් වන ඉෆ්ලාර් එම්. යෙහියා, නිහාල් ෆාරුක්, අන්නාමලෛ බාස්කරන්, සමිත ආටිගල, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පුආරච්චි යන මහත්වරු එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya