අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් අමාත්‍යංශයට ඉලක්කගත වැඩපිළිවෙළක්

    ජූලි 05, 2017
    ඉලක්ක ගත වැඩපිළිවෙලක් අනුව ඉඩම් අමාත්‍යංශයේ කටයුතු ඉදිරියට ගෙනයන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     
    මාදම්පේ පම්බල කාක්කපල්ලියේ අභිනවයෙන් ඉදිකර  ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ පුත්තලම දිස්ත‍්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සහ ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවළ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
     
    දස ලක්ෂයකට වැඩි සින්නක්කර ඔප්පු ලබාදෙන ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මහගු වැඩපිළිවළ සම්පූර්ණයෙන් යථාර්ථයක් බවට පත්කිරීමේ ජාතික අභියෝගය තමා භාරගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    ඉලක්ක ගත වැඩපිළිවෙළක් අනුව ඉඩම් අමාත්‍යන්ශයේ කටයුතු ඉදිරියට ගෙනයන බවත් ඉඩමක සැබෑ උරුමකාරයකු වීමේ සිහිනය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සැබැවුණු සිහිනයක් කිරීම තමාගේ අපේක්ෂාව බවත් ඉදිරියේදී එම ඉලක්කය ඉටුකිරීමට කටයුතු කරන බවත් පැවසීය.
     
    අනතුරුව එම පළාතේ 158 දෙනෙක් වෙත සින්නක්කර ඔප්පු ප‍්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.​
     
    ​මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ  සභාපති සම්පත් සුභසින්හ මහතා ඇතුලු මැති ඇමතිවරු සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya