කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ පවුල් 500කට රුපියල් මිලියන 137.5ක "විසිරි නිවාස ණය" ප්‍රදානය කිරීම අද (25) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව නගර ශාලාවේ දී සිදු කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ඉල්ලීම පරිදි කොලොන්නාවේ පවුල් සඳහා මෙලෙස "විසිරි නිවාස ණය" ප්‍රදානය කිරීම සිදු කෙරේ.