අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට වර්ෂාවෙන් හානි

    මැයි 25, 2017
    දෙ දිනක් පුරා පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (25) වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 14කට අර්ධ වශයෙන් ද නිවාස 02කට පුර්ණ වශයෙන් ද හානි වී එක් අයකොට තුවල සිදු කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10 කට ගං වතුර තර්ජන එල්ල වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
     
    පවුල් 16ක් සහ සාමජිකයින් 59ක්  මෙම අධික වර්ෂාපතනය හේතුවෙන් ආපාදවට ලක්ව  ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
     
    මේ අතර ඊයේ (24) උදෑසන වන විට ගාල්ල නගරයේ මංමාවත් රැසක් ජලයෙන් යට වී ඇති අතර ගමනා ගමනයට තරමක බාධා එල්ල වී තිබිණි. එයට අමතරව යක්කමුල්ල,  හබරාදුව, කඩවත්සතර, අක්මීමන, බද්දේගම, ඇල්පිටිය, ඉමදුව ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබිණි.  
     
    මේ අතර ඊයේ උදෑසන වන විටත් පෙර දින ආරම්භ වූ මහ වැසි නොකඩවා ඇද හැලෙමින් පැවතිණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya