අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ආයෝජකයින් සඳහා විශේෂ කර්මාන්ත කලාපයක්

    මැයි 24, 2017
    චීන ආයෝජකයින් වෙනුවෙන්  විශේෂ කර්මාන්ත කලාපයක් මෙරට ස්ථාපිත කරන ලෙස චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ප්‍රාන්තයේ ආයෝජකයින් රැසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ඉල්ලා  ඇත. මෙම ආයෝජකයින් අමාත්‍යවරයාගෙන් මෙලෙස ඉල්ලා සිටියේ  චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ප්‍රාන්තයේ ප්‍රකට සමාගම් සමූහයක නියෝජිතයින්, චීන රාජ්‍ය නිලධාරීන් හා චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ආයෝජන සංසදය සමඟ  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවැති සාකච්ඡාවකදී ය. 
     
    මෙහිදී අදහස් දැක්වූ චීනයේ ග්වංසි ස්වෑන්ග් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පෙන්ග් කිංග්වා (Peng Qinghua)මහතා, 
    " අප ප්‍රාන්තයේ බෙයිබු අන්තර්ජාතික නැව්තොට, ශ්‍රී ලංකාව ට ළඟම වරායයි. බෙයිබු වරායේ නාවික ප්‍රවර්ධන වෙළෙඳ සමාගම් 70කට අධික ප්‍රමාණයක  නියෝජිතයින් පිරිසක් ලංකාවේ පැවැත්වෙන ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang)  ආයෝජන සංසදයට සහභාගීවීමට කොළඹ ට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ග්වංසි ප්‍රාන්තයේ සම්බන්දතාවලට දිගු ඉතිහාසයක් තිබෙනවා. එය අවුරුදු 2000කට වඩා පැරණියි.  මුහුදුබඩ සේද මාර්ගය මීට හොඳම සාක්ෂියක් " යැයි  පැවසීය. 
     
    වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්ග් කිංග්වා මහතා, " වර්තමානය වන විට ග්වංසි ස්වෑන්ග් ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර  සම්බන්ධතා නැවතත් ඉහළ දැමීමට අවශ්‍ය කර තිබෙනවා, ග්වංසි ප්‍රාන්තය හා  ශ්‍රී ලංකාව අතර, ද්වීපාර්ශික වෙළඳාම 2014 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් පමණ වුණා. නමුත් 2016 වන විට එය ඇඩො මිලියන 79 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවයක්. ග්වංසි ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සිසුන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතුවල නිරත වනවා. චීනයේ නැනිංග් නුවර පැවැත්වීමට නියමිත 14 වැනි  CAEXPO චීන - ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස  ශ්‍රී ලංකාවට ආරාධනා කරනවා යැයි " ද පැවසීය. 
     
    කිංග්වා මහතා කළ ආරාධනය පිළිගනිමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවැසුයේ පසුගිය වර්ෂයේ චීනයේ පැවති 13 වන CAEXPO චීන - ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනයට විශේෂ ආරාධිත රටක් ලෙස සහභාගි වූ ප්‍රථම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව බවත් එය ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් ලබා දුන් බවය. තවද  ග්වංසි ප්‍රාන්තයේ ආයෝජකයින් සඳහා  ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය සියළු පහසුකම් ලබා දෙන බවත් එමගින් ග්වංසි ප්‍රාන්තයේ කර්මාන්ත ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර දකුණු ආසියාතික වෙළෙඳපොළ වෙත එම නිෂ්පාදිත ඉතා ඉක්මනින් අපනයන කිරීමට අවස්ථාව ලබාදෙන බවත්ය. 
     
    2016 මහ බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර, ද්වීපාර්ශ්වික වෙළෙඳාම අ.ඩො. බිලියන 4.4ක් පමණ වේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya