මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර නිවාස අලුත්වැඩියාව සඳහා එක් පවුලකට ලක්ෂ 03ක මුදලක්

    මැයි 24, 2017
    මුහුදු ධීවර කර්මාන්තය පවතින දිස්ත්‍රික් 10ක, අර්ධ වශයෙන් නිවාස ඉදි කර තිබෙන ධීවර ගම්මාන හඳුනාගෙන ඔවුන්ට රුපියල් ලක්ෂ 03ක මුදලක් එම නිවාස ඉදිකිරීමේ කටයුතු සම්පුර්ණ කර ගැනීමට ලබා දීමේ  වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    අමාත්‍යාංශයේ නිලධාරින් සමග මේ පිළිබද සාකච්ඡාවක් පැවැති අතර මෙහි සමාරම්භක වැඩසටහන වශයෙන් කල්පිටිය උච්චමුනි ගම්මානයත්, කුච්චවේලි හි සහස්පුර ගම්මානයත් තෝරාගෙන පළමු අදියර ඉන් නිවාස 100ක් සංවර්ධනය කිරීමට සැලසුම් කොට තිබේ.
     
    මෙම රු. ලක්ෂ 03ට අමතරව බැංකුවකින් ඉතාමත් සුළු පොලියකට තවත් රු. ලක්ෂ 03ක මුදලක් ලබා දීමට එකගතාව පළ කර තිබෙන අතර එමගින් මෙම වසර අවසන් වනවිට සෑම ධිවරයෙකුටම අංගසම්පුර්ණ නිවසක් ඉදි කර ගැනීමට අවශ්‍ය සහාය රජය මගින් ලබා දෙනු ඇත.
     
    මීට අමතරව සෑම ධීවර පවුලකටම ස්ථිර වැසිකිළියක් ඉදි කර ගැනීම සඳහා රු. 30,000ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට ද පියවර ගෙන තිබේ. 
     
    2017 අයවැය ලේඛනය සැකසීමේ දී අමාත්‍යවරයා රජයට පෙන්වා දුන් කරුණු අනුව ධීවර නිවාස අලුත්වැඩියාව සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 3000ක මුදලක් රජය විසින් ලබා දෙන ලදී.
     
    අප රටේ ජීවත් වන ධීවර ප්‍රජාවගේ නිවාස බහුතරයක් වැඩ නිම නොකරන ලද, අර්ධ වශයෙන් ඉදි කරන ලද නිවාස බව පෙනී ගොස් ඇත. විශේෂයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිවයිනේ දුරබැහැර ධීවර ගම්මාන වෙත ගොස් ධීවර ප්‍රජාවගෙන් කරුණු විමසු විට ඔවුන් පෙන්වා දුන්නේ නිවසක් ඉදි කර ගැනීමට තරම් ආදායමක් ඔවුන්ට නොලැබෙන බවයි.
     
    මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි හා අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද සහභාගි වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya