මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 25ක් පිරීම නිමිත්තෙන් බදුල්ලේ සමරු වැඩසටහන් මාලාවක්

    මාර්තු 28, 2014

     

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කොට වසර 35ක් සපිරීම නිමිති කොටගෙන එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කළ සමරු වැඩසටහන් මාලාවක් 2014 අප්‍රේල් මස 01 වැනිදා සිට සතියක් පුරා බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    අප්‍රේල් මස 01 වැනි දින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය තුළ පැවැත්වෙන ධර්ම දේශනයක් හා එදින සවස මුතියංගන රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බෝධි පූජාවකින් වැඩසටහන ආරම්භ කෙරේ.

    තවද අඩු ආදායම්ලාභී පවුල් 50කට රුපියල් ලක්ෂ දෙකක් දක්වා වූ "විසිරි නිවාස ණය" ප්‍රදානය කිරීම, නීත්‍යානුකූල ඔප්පු ලැබී නොමැති එම අධිකාරියේ නිවාසලාභී පවුල් 30ක් සදහා නිවාස ඔප්පු ප්‍රදානය, රුපියල් ලක්ෂ 03ක ආධාර මත ලුණුගල ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම, "සසුණෙන් සෙවණ" වැඩසටහන යටතේ නව නිවාස 20 කට මුල්ගල් තැබීම හා ඉදිකෙරුණු නිවාස 10ක් විවෘත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

    නිවාස හා ඉදිකිරීම් අමාථ්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් නීතීඥ චමින්ද මහානාම මහතා ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් මෙම අවස්ථාවන්ට සහභාගී වෙති.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කළමනාකාර එස්.කේ.හෙට්ටිආරච්චි මහතා ඇතුළු කාර්යාලයීය කාර්ය මණ්ඩලය මෙම සමරු වැඩසටහන් මාලාව සංවිධානය කොට තිබේ.

    Jr/SH_dmu_ baduulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya