අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිපේ, උඩත්තව ආදිවාසි ගම්මානයට නව මාර්ගයක්

    මාර්තු 27, 2014

    මහනුවර දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර ගම්මානයක් වන මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩත්තව ගම්මානයට පිවිසෙන මාර්ගය, මග නැඟුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට පියවරගෙන තිබේ.


    ආදිවාසි නායක වන්නියලැත්තෝ විසින් රජයෙන් කරන ලද ඉල්ලිමකට අනුව මෙම මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලදී.


    මේ මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සිදු කෙරිණි. අදාළ මාර්ගයේ සංවර්ධන කටයුතු පරීක්ෂා කොට කඩිනමින් කරදෙන ලෙස උරුවරිගේ වන්නියලැත්තෝ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ‍නිරීක්ෂණ චාරිකාව සංවිධානය කොට තිබුණි.


    ඒ අනුව මෙම නව මාර්ගය ඉදිකිරීමට සම්බන්ධ සියලු පාර්ශව සමඟ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා, මෙම මාර්ගයේ කටයුතු ඉතා හොඳ ප්‍රමිතියකින් යුතුව, කඩිනමින් නිමකරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    මේ අවස්ථාවට මිනිපේ ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත ජයසුන්දර, ආදිවාසි නායක වන්නියලැත්තෝ, මග නැඟුම අධ්‍යක්ෂ ඩබ්.එච්.කේ.ඩී.බී. රත්නායක, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ පී. මුදලිගේ, මිනිපේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

     

    NDH/TA-dmu Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya