මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොහු ආශ්‍රිත අපනයන ආදායමේ ඉහළ වර්ධනයක්

    ජූනි 08, 2014
    වසර 2011 ජනවාරි -මාර්තු කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි-මාර්තු මස වන විට කොහු ආශ්‍රිත අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
     

     

    2011 ජනවාරි - මාර්තු අතර කාලසීමාව තුළ දඟර කෙඳි මෙට්රික් ටොන් 6842ක් අපනයනය කර ඇති අතර එය මෙම වර්ෂයේ එම කාලසීමාව තුළ දඟර කෙඳි මෙට්රික් ටොන් 15876ක් වේ. දඟර කෙදි අපනයන ආදායම 2011 ජනවාරි -මාර්තු අතර කාලසීමා තුළ රුපියල් මිලියන 344.27ක් වූ අතර, 2014 එම කාලසීමාව තුළ රුපියල් මිලියන 976.32ක් ලෙස වර්ධනය වී ඇත.

    එමෙන් ම පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2011 වර්ෂයේ ජනවාරි- මාර්තු කාලසීමාවට සාපේක්ෂව 2014 වර්ෂයේ ජනවාරි - මාර්තු කාලසීමාව තුළ 26%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2011 ජනවාරි - මාර්තු කාලසීමාව තුළ රුපියල් මිලියන 2115.18ක් වූ දිසිඳි පොල් අපනයන ආදායම 2014 එම කාලසීමාව තුළ රුපියල් මිලියන 3975.73කින් වර්ධනය වී ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 88%ක වර්ධනයක් වන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya