මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවය ජනතාව පිණිසයි යථාර්ථයක් කළේ වත්මන් රජයයි

    ජූනි 09, 2014

    නිලධාරීවාදය නැති කර රාජ්‍ය සේවය ජනතාව පිණිසයි යථාර්ථයක් බවට පත් කළේ වත්මන් රජය බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඇහැලියගොඩ හේවාඉන්න නව සේවා පියස ජනතා අයිතියට පත්කිරීමෙන් පසු පැවති ජනහමුවකදීය. ගමේ ජනතාව වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නිලධාරීන් එකම වහලක් යටට ගෙන එමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම සේවා පියස මධ්‍යස්ථාන රට පුරා පිහිටුවීමේ අරමුණ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    "රාජ්‍ය සේවය ගැන ජනතාවට තිබුණේ යහපත් ආකල්පයක් නොවෙයි. නිලධාරීවාදය, අකාර්යක්ෂමතාව, ජනතාව රස්තියාදු කිරීම වැනි ක්‍රියා නිසා ජනතාව විවිධ පීඩාවන්ට ලක්වුණා. නමුත් වත්මන් රජය මෙම තත්ත්වය තේරුම් ගෙන රාජ්‍ය සේවක, සේව්‍ය දෙපක්ෂයටම සතුටු විය හැකි මට්ටමකට රාජ්‍ය සේවය අද ගෙනවිත් තිබෙනවා. සියලු රාජ්‍ය ආයතනවල නිලධාරී හිඟය නැති කරලා තියෙනවා. ජනතාව සමඟ ඍජුව ම සම්බන්ධවන ග්‍රාම නිලධාරීන් 3800ක් සඳහා අපි පසුගියදා පත්වීම් දුන්නා, තවත් 700කට විතර පත්වීම් නුදුරේදී ම ලබාදෙනවා. පසුගිය වසර කිහිපයේ රාජ්‍ය කළමනාකරණ සේවයට 13,000ක පමණ පිරිසක් බඳවාගත්තා. මේ සියලු බඳවාගැනීම් අපි කරන්නේ ජනතාවට අවශ්‍ය විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න. එක්සත් ජාතික පක්ෂය බලයේ හිටියා නම් මේ කිසිදු බඳවා ගැනීමක් කරන්නේ නෑ. මොකද ඔවුනට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නෑ" අමාත්‍යවරයා පැවසිය.ශක්තිමත් ප්‍රාදේශීය පරිපාලනයක් රට තුළ ගොඩනඟමින් ගමේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් ප්‍රදේශීය ලේකම් කාර්යාල සියල්ල නවීකරණය කොට සියලු භෞතික සහ මානව සම්පත් ලබා දී ඇති නමුත් ඇතැම් ස්ථානවල ජනතා අවශ්‍යතා හරි ආකාරව සිදු නොවන බවට චෝදනා එල්ල වන බවත් අමාත්‍යවරයා පැවසීය.අමාත්‍යංශය මඟින් දිස්ත්‍රික් මට්ටම්න් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බවත් එහිදී මෙම චෝදනා, ජනතා ගැටලු නිවැරදි කරන්න පියවර ගන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
     
    වර්තමානයේ පවතින්නේ ජනතාව සමඟ සිටින ජනතා අවශ්‍යතා හඳුනාගත් රජයක් බවත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන නොවන බවත් එනිසා මැතිවරණ කාලසටහන වෙනස් වුනත් ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව  මුහුණ දීමේ හැකියාව වත්මන් ආණ්ඩුව සතුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර, සබරගමු පළාත් සභා මන්ත්‍රී සලිත කරුණාරත්න, ප්‍රාදේශීය මන්ත්‍රීවරු, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් රංජනී දිසානායක මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    DB

     

    MP WDJ SEWA PIYASA 1

     

     

     

    MP WDJ SEWA PIYASA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya