මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල අවතැන් වූ පවුල් සඳහා "ජන සෙවණ" නිවාස ආධාර

    ජූනි 09, 2014

    අයහපත් කාලගුණය හේතුවෙන් කඩුවෙල ප්‍රදේශයේ නිවාස හානි වූ පවුල් 2ක් සඳහා රුපියල් ලක්ෂ 2ක් වටිනා නිවාස ආධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා කොළඹ, මාලිගාවත්ත ප්‍රදීපා ශාලා පරිශ්‍රයේදී සිදුකෙරිණ.

     

    දැඩි සුළඟින් හා අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කඩුවෙල - කොරතොට කනත්ත පාරේ පිහිටි නිවසක වහල ගැලවී ගොස් නිවසට දැඩි ලෙස අලාභහානී සිදුවී තිබිණ. ඊට අමතරව කඩුවෙල කොතලාවල පිහිටි නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීම නිසා එම නිවසට ද දැඩි ලෙස අලාභහානී සිදුවී තිබිණ. එම සිදු වූ හානිය පිළිබඳව නිවාසවල පදිංචිකරුවන් විමල් වීරවංශ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව දිනක් ඇතුළත මෙම නිවාස ආධාර ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

     

    ජන සෙවණ නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම නිවාස ආධාර ප්‍රදානය කෙරිණ.

     

    මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    DB

    MP WW KADUWELA DESASTER AIDS 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya