මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෙටි පණිවිඩ සේවයක්

    ජූනි 08, 2014
    රත්මලාන, දෙහිවල හා කළුතර විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් දූරකතන කෙටි පණිවිඩ සේවයක් ආරම්භ කර ඇත.
     
     
    මේ ඔස්සේ විදුලි බිල්පත් ගෙවීම පිළිබඳව දැනුම්දීම, විදුලි බිල්පතේ හිඟ මුදල් පිළිබඳව මෙන්ම පළාතේ නඩත්තු කටයුතු සඳහා විදුලිය අත්හිටුවීමේදී ඒ පිළිබඳවත් පාරිභෝගිකයින් වෙත දූරකතන කෙටි පණිවිඩයක් හරහා දැන්වීම සිදු කෙරේ.

    ඉදිරියේදී මෙම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
    මේ සඳහා සම්බන්ධවීමට ජංගම දූරකතනයේ අංකය, විදුලි බිල්පතේ ගිණුම් අංකය අයපත්කරු මගින් ප්‍රාදේශීය කාර්යාලය වෙත යැවිය යුතු වේ. එසේ නැතහොත් ඒ සඳහා reg<හිස්තැනක්> විදුලි ගිණුම් අංකය (ඉලක්කම් 10) සඳහන් කොට 1987ට SMS කිරීම මගින් මේ සේවාව ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. (උදා- reg 4496021735 ලෙසිනි.)



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya