අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුරයේ පාසල් නොයන දරුවන් නැවත පාසල් යැවීමට පියවර

    මාර්තු 27, 2014

    2015 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කය ළමා ශ්‍රම‍යෙන් තොර කලාපයක් බවට පත්කිරීමේ වැඩසටහන යටතේ සිදු කරනු ලබන සමාජ ආරක්ෂණ වැඩසටහන මගින් හඳුනාගත් පාසල් නොයන දරුවන් නැවත යැවීමට කටයුතු යොදා ඇත.

     

     

    ඒ වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ උපදෙස් පරිදි කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ර/යායින්න විද්‍යාලයේ දරුවන් 40 දෙනෙකු සඳහා රුපියල් හතළිස් දහසක වටිනාකමින් යුතු පාවහන් ලබන අප්‍රේල් පළමුවැනි දින එම විද්‍යාලයේදි බෙදා දීමට කටයුතු යොදා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ඒ.ඒ.පී. සරෝජනි මහත්මිය පැවසුවාය. 


    දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඩබ්.පී. සමන්තිලක මහතාද මෙම අවස්ථාවට සහභාගී විමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම (DSI) මගිනි.


    ECB/SW/NR/KM_dmu_rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya