මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය ජූනි 12

    ජූනි 07, 2014

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය ජූනි 12 වෙනි දිනට යෙදී ඇත. මෙය සැමරීමට මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, පල්ලේපොළ, ගලේවෙල, දඹුල්ල සහ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය පවසයි.


    මේ වැඩසටහන් ජූනි 09 සිට 15 දින ක්‍රියාත්මක කරනු ඇත. ජූනි 09 දින පෙ.ව. 9.30ට මාතලේ නගරයේ දැනුවත් කිරීමේ සහ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කොට ඇත. ළමා ශ්‍රමය යොදා ගැනීම පිටුදැකිය යුතු බවත් සෑම ළමයෙකුම අධ්‍යාපනය ලැබිය යුතු බවත් මේ දැනුවත් කිරීමේ වැඩසටහනේදි අවධාරණය කිරීමට නියමිතය.


    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්, පොලිසියේ සහ කම්කරු කර්යාලයේ නිලධාරීන් එක්වීමට නියමිතය.

     

    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya