මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි සංගණනය පිළිබඳ නුවරඑළියේ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    ජූනි 07, 2014

    2013 / 2014 ආර්ථික සංගණනය යටතේ සිදු කිරීමට නියමිත කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම මේ මස සිට ආරම්භ කිරීමට නියමිත බවත් අදියර 04කින් සමන්විත මෙහි තෙවන අදියර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන 09 දින නුවරඑළියේදී පැවැත්වෙන බවත් නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. ආර්ථික සංගණනය යටතේ පැවති පළමු අදියර වූයේ වතු පිළිබඳව මූලික තොරතුරු රැස් කිරීමයි. එහි දෙවන අදියරේදී කර්මාන්ත, වෙළෙඳ සහ සේවා ඒකක පිළිබඳ තොරතුරු ලැයිස්තු ගත කෙරිණි.


    තෙවන අදියර යටතේ කෘෂිකාර්මික ගණන් ගැනීම් සිදු වේ. මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළවල් රැසක් සූදානම් කොට තිබේ. ජාතික වැඩසටහනක් ලෙස මෙම කෘෂි සංගණනය දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් මෙම සංගණන වැඩසටහන දියත් කෙරේ.


    මෙහිදී කෘෂිකාර්මික ඉඩම් ප්‍රධාන අංශ දෙකකට බෙදා තොරතුරු ලබා ගැනීම සිදු කරනු ඇත. ඒ අනුව කුඩා ගොවි කාණ්ඩ සම්බන්ධ සංගණන කටයුතු කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් මඟින් සිදු කිරීමට නියමිත අතර අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා කෘෂිකර්ම උපදේශකයන් සහ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන් යොදා ගැනීමට නියමිතය. එසේම වතු ආශ්‍රිත කෘෂිකාර්මික අංශය සඳහා ග්‍රාම නිලධාරීන් සංගණන කටයුතු සඳහා යෙදවීමට යෝජිත අතර ඔවුන් අධීක්ෂණය කිරීම සංඛ්‍යාලේඛන නිලධාරීන්ගේ කාර්යය වේ.


    මෙම වැඩසටහනේදී ගණන් ගන්නා නිලධාරීන් නිවෙස් වෙත ගොස් ඉඩම් හිමි ගොවි ජනතාවගෙන් ඍජු තොරතුරු ලබා ගැනීම සිදු කරයි. නුවරඑළිය වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක මෙවැනි කෘෂි සංගණනයක අවශ්‍යතාව ඉතා ඉහළ අගයක පවතී. තේ කර්මාන්තය , අර්තාපල් සහ නුවරඑළියට පමණක් ආවේණික බෝග රැසක් මේ දිස්ත්‍රික්කයෙන් ජාතික ආදායමට මෙන් ම පාරිභෝගික අවශ්‍යතාවට දෛනිකව එක් කරනු ඇත. ඒ පිළිබඳව නිවැරදි දත්ත රැස්කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ නිලධාරීන් සියලු කටයුතු සූදානම් කොට ඇත. මෙම කෘෂි සංගණනය යටතේ මූලිකව වගා කෙරෙන බිම් ප්‍රමාණය පිළිබඳව නිවැරදි දත්ත රැස් කරනු ඇත. එසේම තේ වගාව, කාලීන බෝග, මල් වගාවන්, විසිතුරු පැළ, අර්තාපල් වගාව, සත්ත්ව පාලනය සහ ජලජීවී වගාව ඇතුළු වගා ව්‍යාපෘති රැසක තොරතුරු එක් රැස් කිරීමට නියමිතය. මීට අමතරව පොහොර සහ පළිබෝධනාශක භාවිතය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳව තොරතුරු රැස් කිරීම ද සිදු වේ.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya