මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනයට සමගාමීව උතුරු මැද පළාතෙත් වැඩසටහන්

    ජූනි 06, 2014

    ජගත් පරිසර දිනයට සමගාමීව උතුරු මැද පළාත් ප්‍රධාන උත්සවය ඊයේ (05) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්විණි.


    මේ අනුව දිඹුලාගල, මඩකළපුව මංසන්ධියේ සිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනය දක්වා පරිසරය රැකගැනීමේ අගය පෙන්වීමේ පාගමනක් සංවිධානය කොට තිබුණි. පාසල් සිසුන්, පෞද්ගලික හා රාජ්‍ය අංශවල නිලධාරීහු රැසක් මේ සඳහා එකවූහ.


    මෙදින ම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීම ද සිදු කෙරිණි. උතුරු මැද පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය මෙය සංවිධානය කර තිබේ.


    මේ අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, උතුරු මැද පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍ය පුංචිබණ්ඩා රත්නායක යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya