මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් මාතරදී

    ජූනි 06, 2014

    ජූනි 01 දිනට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව ඡන්ද හිමියන් ලියාපදිංචිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව වීදි නාට්‍ය පෙන්වමින් පත‍්‍රිකා බෙදාහැරීමක් සහ මාතර මැතිවරණ කාර්යාලයේ සිට නූපේ දක්වා පාගමනක් පැවැත්වීම ඊයේ (05) සිදු කළ බව මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.


    "ඡන්දය ඔබේ අයිතිය" මැයෙන් ජූනි 01 දිනට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව පසුගිය 25 සිට ලබන 07 දින දක්වා ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ සති 02ක් මැතිවරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට සමගාමීව මාතර දිස්ත‍්‍රික්කයේ වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට මාතර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්.එච්.ආර්. විජය කුමාර මහතා ප‍්‍රමුඛ මාතර දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලය කටයුතු යොදා ඇත.


    ඒ අනුව පසුගිය බදාදා මාතර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. වාර්ෂිකව සිදු කරනු ලබන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම හා ඒ ආශ‍්‍රිත කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙහිදී සම්පත් දායකත්වය සපයන ලද්දේ අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා විසිනි.


    සාමදාන විනිශ්චයකාරවරුන්, ග‍්‍රාම නිලධාරීන්, පක්‍ෂ නියෝජිතයන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya