මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සම්මන්ත්‍රණ ශාලාවට පේරාදෙණි සරසවි භූමියෙන් ඉඩකඩ

    ජූනි 05, 2014

    මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීමට යෝජිත අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය යොදා ගැනීමට අද එකඟතාවකට පැමිණි බව මහනුවර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති අතුල සේනාරත්න මහතා විශ්වවිද්‍යාලයේ පාර්ශවයෙන් තම එකඟත්වය මේ සඳහා ලබා දෙන ලදී.


    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ රැස්වීමකදී මෙම එකඟතාවට පැමිණෙන ලදී.


    ඒ අනුව අවශ්‍ය අවස්ථාවලදී විශ්වවිද්‍යාලයටද මෙම සම්මන්ත්‍රණ ශාලාව ලබා ගැනීමේ කොන්දේසි මත ඉඩම ලබා දෙන බව පැවසූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, අදාළ ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කිරීමට නියමිත බවද පැවසීය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම ඉදිකිරීම් සම්බන්ධීකරණය කරනු ලබයි.


    කොළඹ නෙළුම් පොකුණ රගහලේ ඇති සියලුම පහසුකම්වලට සමාන පහසුකම්වලින් යුතුව ඉදිකිරීමට යෝජිත මෙම රඟහල සඳහා දැනට මිලියන 1500ක මුදලක් ලැබී තිබේ. අවශ්‍යතාව පරිදි ඉදිරියේදී තවත් මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන රංගශාලාවට අමතරව තවත් සම්මන්ත්‍රණ ශාලා හතරකින් පමණ සමන්වන විත වන පරිදි ඉදි කෙරෙන මෙම රඟහල සාම්ප්‍රදායික උඩරට ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් ඉදිකිරීමට නියමිතය.


    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.


    HC/NDH/TA_dmu-kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya