සැප්තැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටගල නගරය නවීකරණය කෙරේ

    ජූනි 05, 2014
    අලංකාර ගස් වැල්, කඳු හා දිය ඇළිවලින් සමන්විත මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල නගරය නවීකරණය කිරීමට කටයුතු යොදා ඇත.
     
     
    තේ වතු ආශ්‍රිත තම ජීවනෝපාය ගැටගසමින් ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවටත්, සිංහල ජනතාවටත්, මුස්ලිම් ඇතුළු නුවරඑළිය වෙසෙන සෑම ජනතාවට තම අවශ්‍යතා හා වුවමනා ඉතා පහසුවෙන් තමා කරා ළඟා කර ගැනීම මුලික අරමුණ කර ගෙන මෙම යොජනාව ඉදිරිපත් කෙරිණි.
     
    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙය සිදුවේ.
     
    රුපියල් මිලියන 850ක ප්‍රතිපාදනයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය නිම කිරීමට යෝජිත ය.
     
    නගර මාධ්‍යයේ නව පහසුකම්වලින් යුත් රෙදි පිළි හා විවිධ අවශ්‍යතාවන්ගෙන් යුතු සාප්පු සංකීර්ණ, නව 3D තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවන්, කුඩා ළමුන්ට විනෝද වීමට අවශ්‍ය අලංකාර උද්‍යාන, ඉතා විශාල පිහිනුම් තටාක, උසස් තත්ත්වයේ හෝටල් සංකීර්ණ හා නවීන තාක්ෂණයෙන් යුතු ගොවිපළවල්  ඉදි කිරීමට මෙමගින් සැලසුම් කර ඇත.
     
    නුවරඑළිය ප්‍රාදේශීය සභා  ශ්‍රවණාගාරයේ අද දින (05) පැවති සාකාච්ඡාවේ දී මෙයට අදාළ සැලසුම් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා හා අදාළ බලධාරීන් මෙහි කාර්යයන් මේ මස අවසානයේ දී ආරම්භ කිරීමට සියලු ම කටයුතු සුදානම් කර ඇති බව පැවසීය.
     
    මෙම සාකච්ඡාවෙන් අනතුරුව මෙම ස්ථානය නැරඹීමට අමාතවරයා අදාළ ස්ථානය කර ගියහ.
     
    මෙම අවස්ථාව සඳහා ආර්ථීක සංවර්ධන නියොජය අමාත්‍ය මුත්තු සිවලිංගම්, නගර සභා සංවර්ධන අධිකාරිය(UDA), (AGA), ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB), මහා මාර්ග සංවර්ධන අධිකාරිය    (RDA)    ඇතුළු ආයතනයන් හි උසස් නිලධාරීන් හා ප්‍රාදේශීය සභා සාමාජිකයින්, මධ්‍යම පළාත් සාමාජිකයන්, ආරක්ෂක අමාත්‍යංශ උසස් නිලධාරින්, ආපදා කළමනාකරණ උසස් නිලධාරීන් හා පරිසර අධිකාරි හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya