මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා නගරවලට පමණක් සීමා වී තිබූ සංවර්ධනය අද ගමටත්

    ජූනි 03, 2014

    එදා නගරවලට පමණක් සීමා වී තිබුණු සංවර්ධනය අද ගමට ගෙනැවිත් මේ ආණ්ඩුව ගම්දනව්වල සංවර්ධනය මුල් තැන දී තිබෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.

    සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නවගත්තේගම ප්‍රදේශයේ  පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, "සෑම ගමකටම විදුලිය දෙන්න, බීමට ජලය දෙන්න කටයුතු කරනවා වගේම ග්‍රාමීය මාර්ග කාපට් කරලා පොදු ප්‍රවාහනය දියුණු කරනවා. තාක්ෂණික අධ්‍යාපනය වන්නියට ගෙනැල්ලා ගමේ දරුවන්ට ලෝකයේ උසස්ම තාක්ෂණය හදාරන්න ඉඩපහසුකම් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා.

    මේවා කරන කොට විපක්ෂයට උණ ගැනෙනවා. ඇයි ගම්වලට ඇවිල්ලා මිනිසුන්ට බොරු කරන්ඩ බැරිව යන නිසා. වන්නියෙ මිනිසුන්ව රවටන්න බැරිව යන නිසා.ආනමඩුවේ ජනතාව පානීය ජල අර්බුදයක සිටිනවා. අපි ඒක තේරුම් අරගෙන ග්‍රාමීය ජල යෝජනා රැසක් අරඹලා තියෙනවා. ඉදිරි කාලයේ මිනිසුන්ගෙ පානීය ජල ප්‍රශ්නය බොහෝ දුරට විසඳේවි.

    2014 අය-වැය අරමුදල්, දැයට කිරුළ අර‍මුදල් බොහොමයක් ආයෝජනය කළේ ජලය හා විදුලිය සඳහා යි. යටිතල පහසුකම් දියුණු කරන්න. අද විපක්ෂයට ගම්වලට ඇවිල්ලා කියන්න දෙයක් නැතිව ගිහිල්ලා ජාතිවාදි, වර්ගවාදි, ආගම්වාදි කරුණු ඉස්මතු කරනවා. මේවා දේශපාලනයේ යල් පැනගිය කරුණු. ඒවට දැන් වටිනාකමක් නැහැ. අල්ලපු රටේ ආර්ථික වර්ධන වේගය 5 % වන කොට අපි 7% ඉක්මවන තත්ත්වයට පත්වෙලා. එහෙම වෙන්නෙ සැලසුම් සහගතව  ආර්ථිකය ඉදිරියට අරගෙන යන නිසා.

    මේ රටේ අනන්‍යතාව වෙනුවෙන්  මහා සංඝයා වහන්සේ උතුර නැගෙනහිර ඉඳගෙන කරපු කාර්යභාරය සුළු පටු එකක් නොවෙයි. උන්වහන්සේලාගේ බුද්ධ චීවරය රුධිරයෙන් තෙත් කර ගෙන ජීවිත පරිත්‍යාගයෙන් ඒ පෙදෙස්වල බෞද්ධ උරුමයයි දේශයේ අනන්‍යතාවයි රැකගෙන කටයුතු කරපු හැටි අද සමහර අන්තවාදි ලෙස කටයුතු කරන අයට ආදර්ශයක් කියලයි මට හිතෙන්නෙ.

    සමහරුන්ට අද අමතක වෙලා තියෙනවා අපේ උරුමයන් පාගල දමලා පොඩි කරලා අපි හිරකාරයො විදියට ජීවත් වුණ හැටි. මෑත කාලයේ ඉතිහාසයේ මේ රටේ මේ යුගයේ මහින්ද කෙනෙක් පහළ නොවුණා නම් ඇත්තටම මේ රට එක්කෝ දෙකට කැඩිලා. නැත්නම් යටත් විජිතයක් බවට නැවත පත්වෙලා.

    කොහොම වුණත් වන්නියෙ මිනිස්සු දියුණු වෙනවට විපක්ෂ නායකවරයා අකමැති බව අපි දන්නවා. මොකද ඒ මහතා ඇමරිකාවෙන් ගුරුහරුකම් ගන්න නිසා.ඒ මහතා වගේ වැදගත් කෙනෙක් වන්නි ප්‍රදේශ දියුණු වෙලා කියලා පිළිගත්ත එකත් අපිට ලොකු ආඩම්බරයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya