අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ ස්ථාන හතරක ජලය පිරෙයි

    ජූනි 03, 2014

    අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ දෙහිඕවිට හා තල්දූව නගර අතර ස්ථාන හතරකින් පාරට වතුර ගැලීම හේතුවෙන් යම් තරමකට මාර්ග බාධක ඇති වී ඇති අතර මෙම වර්ෂා තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එම මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන් ම බාධා පැමිණිය හැකි බවත් කෑගල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    දෙහිඕවිට, පන්විල-ගොඩපොළ මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන පවුල් 100කට පමණ ගමනාගමනයට බාධා පැමිණ ඇති බව ද පැවසේ. එමෙන්ම දෙහිඕවිට, පන්විල ග්‍රාම සේවා වසමේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස හයකට අර්ධ වශයෙන් හානි පැමිණ ඇති අතර, එමගින් පුද්ගලයින් 20 දෙනෙකු  පීඩාවට පත්ව ඇත. 


    යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරුක්සැල්ල ග්‍රාම සේවා වසමේ අද පෙරවරුවේ ගසක් කඩා වැටීම හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇත.
     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya