කොළඹ දිස්ත්රික්කය පුරා සමෘද්ධි කොඩි අලෙවිය මැයි 31 සිට ජුනි 15 දක්වා පැවැත්වේ.
පසුගිය දා කොළඹ දිස්ත්රික්කයේ එම කොඩි අලෙවිය ආරම්භ කරමින් දිස්ත්රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා වෙත සහකාර සමෘද්ධි කොමසාරිස් හර්ෂනී සිරිනාම මහත්මිය විසින් පළමු කොඩිය පළඳවනු ලැබුවාය.
මෙම අවස්ථාවට දිස්ත්රික් සැලසුම් අංශයේ අධ්යක්ෂ ඩී.එම්.එන්. දිසානායක මහත්මිය සහ දිස්ත්රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිලධාරිනී ගෝපිකා පල්ලියගුරු මහත්මිය ද සහභාගි වූහ.
MAP_dmu_colombo_jm