අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් කොළඹ ජනතාව දැනුවත් කරයි

    ජූනි 03, 2014

    ජූනි 01දාට යෙදුණු ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ ජංගම රථ පෙළපාළියක් පසුගියදා කොළඹ මැතිවරණ මහලේකම් කාර්යාලය හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.

    කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයට තම නම ඇතුළත් නොකිරීම හා තමන්ට හිමි ඡන්දය පාවිච්චි නොකිරීම ආදිය සිදු වන බැවින් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීම හා ඡන්දය පාවිචිචි කිරීම සෑම පුරවැසියකුගේ ම අයිතියක් බව පැහැදිලි කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ සංකල්පයකට අනුව, කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගේ මග පෙන්වීම යටතේ, කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සහකාර මැතිවරණ කොමසාරිස් වජිර ගුණවර්ධන මහතාගේ සංවිධානයෙන් මෙම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.

    මහරගම ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරියෙන් ආරම්භ කළ මෙම ජංගම රථ පෙළපාළිය හෝමාගම, මීපේ, පහත්ගම, පුවක්පිටිය, මාලඹේ යන ස්ථානවලදී අත් පත්‍රිකා බෙදමින්, පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් හා වීදි නාට්‍ය රඟ දක්වමින් ජනතාව දැනුවත් කරන ලදී.

    අවිස්සාවේල්ල ප්‍රදේශයේදී වතු ආශ්‍රිත ද්‍රවිඩ හා සිංහල ජනතාව විශාල පිරිසක් දැනුවත් කිරීම පුවක්පිටිය දෙමළ විද්‍යාලයේ දී සිදු කළ අතර එහි දී මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා විසින් දේශන පවත්වනු ලැබූහ.

    MAP_dmu_jm

    election-col2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya