අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරයි

    ජූනි 03, 2014

    ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනේ තවත් එක් පියවරක් ඊයේ (02) නුවරඑළිය නගර ශාලාවේ දී පැවැත් විණ.

     

    ඒ වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතියක් රට පුරා ක්‍රියාමත්මක වේ.

     

    මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් පාලන ආයතනවල මෙහෙයවීමෙන් පැවැත් වුණු මෙම වැඩසටහන සඳහා නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ම සහභාගී වූහ.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 03ක් මේ සඳහා සම්බන්ධ වී තිබුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද ඊට සහයෝගය ලබා දෙන ලදී. ඉවත ලන පරිගණක කොටස්, රූපවාහිනී කොටස්, ශීතකරණ, බැටරි, විදුලි බුබුලු ආදී ඝන අපද්‍රව්‍ය එක් ස්ථානයකට එක් රැස් කිරීම මෙහි මූලික ම අරමුණයි.

     

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.ජී.ටී.එන්. කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ මේ වන විට ටොන් 170කට ආසන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගයක් එක් රැස් වී තිබෙන බවයිග. එමෙන් ම මෙම අපද්‍රව්‍ය පසට සහ ජලයට එකතු වීම නිසා සිදුවන හානිය අති විශාල බවත් එම තත්ත්වය මිනිස් සිරුරට කෙටි කාලයක් තුළ ඍජුවම බලපෑම් කරන බවත්ය.

     

    නුවරඑළිය පාරිසරික කලාපය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නේ පාරිසරය ආරක්ෂා කරගතහොත් පරිසරය විසින් මිනිසා නිරතුරුවම ආරක්ෂා කරන බවයි. එසේම නුවරඑළිය නගර සභාවට මේ වන විට යෝජනා වී තිබෙන කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය පිළිබඳව ද නගරාධිපතිවරයා විසින් අදහස් දක්වන ලදී.

     

    මෙම අවස්ථාව සඳහා පාසල් කිහිපයක දූ දරුවන් පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව සංවිධානය කොට තිබිණ.

     

    garbage2

     

    garbage3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya