මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා පිංබිමට විසිවසරකට පසු පැමිණි පළමු රාජ්‍ය නායකයා ජනාධිපතිතුමායි

    ජූනි 03, 2014

    ශ‍්‍රී  ලංකාවේ සම්බුදු දහම ස්ථාපිත වීමට මුල්තැන වූ මිහින්තලා පුණ්‍යභූමියට වසර විස්සකට පසු පැමිණි පළමු රාජ්‍ය නායකයා වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    ප‍්‍රධාන අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ ඓතිහාසික මිහින්තලා පුණ්‍යභූමියේ රුපියල් ලක්‍ෂ දහසක (1000) වියදමෙන් ඉදිකිරීමට යෝජිත නව දෙමහල් ධර්ම ශාලාව සඳහා මුල්ගල තැබීමේ උත්සවය අමතමිනි. මුල්ගල් තැබීමේ උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එම උත්සවය අමතමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. “ජේ.ආර්.ගේ  පුත් රවි ඉලක්කයට වෙඩි තැබීමටත් පේ‍්‍රමදාසගේ පුත් සජිත් කැලෑවේ සිටින අලි නැරඹීමටත් චන්ද්‍රිකාගේ පුත් විමුක්ති සතුන්ට ආදරය කිරීමටත් ප‍්‍රසිද්ධ වුවත් ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා ජනතා සුඛ විහරණය සඳහාත් ආගමික පුනර්ජීවනය උදෙසාත් තරුණ ප‍්‍රජාවට සේවය කිරීම උදෙසාත් ජාතීන් අතර සුහදතාව ගොඩනැගීමට කටයුතු කරන තරුණ දේශපාලඥයෙකු ලෙස ජනතා ආදරය හා සෙනහස ලබා ගෙන තිබෙනවා.


    ශ‍්‍රී  ලංකාවේ සම්බුදු දහම ස්ථාපිත වීමට මුල්තැන වූ මිහින්තලා පුණ්‍යභූමියට වසර විස්සකට පසු පැමිණි පළමු රාජ්‍ය නායකයා වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. සිංහල රජ යුගයේදී තිබු ශ‍්‍රී විභූතිය යළි උදාකිරීම සඳහා මිහින්තලා පිංකෙත සංවර්ධනය කිරීම සඳහා දැයට කිරුළට සමගාමීව රුපියල් විසි කෝටියක මුදලක් ලබාදුන්නා. අද මුල්ගල තැබූ දෙමහල් ධර්ම මන්දිරය ඉදිකිරීම සඳහා ජනාධිපතිතුමා රුපියල් ලක්‍ෂ දහසක මුදලක් ලබාදුන්නා. යුද්ධය නිමවා රට වේගවත් සංවර්ධනයකට පත්කිරීමට සමගාමීව නැණ ගුණයෙන් යුතු මිනිස්කම අගයන සමාජයක් නිර්මාණය කිරීම උදෙසා එතුමා මුළු රටම වැළඳගත් ආගමික ප‍්‍රබෝධයක් උදාකරමින් සිටින බවද කීය.

     

    Mihintale Dharmashaalawa


    මිහින්තලා රාජමහා විහාරධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන්ද එස්.එම්. චන්ද්‍රසේන, සුසිල් පේ‍්‍රමජයන්ත, නාමල් රාජපක්‍ෂ යන මැති ඇමතිවරුද උසස් රාජ්‍ය නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ.

     
    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya