අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල්ගල තැබේ

    ජූනි 03, 2014

    මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩසටහනට අනුව මහින්දෝදය තාක්ෂණ පීඨ 250ක් ඉදිකිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ පීඨය සඳහා මුල්ගල් තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) එම විද්‍යාලයේ දී සිදු කෙරිණි.

     

    තාක්ෂණවේදය විෂය ධාරාවන් සඳහා ඇතුළත් වන්නා වූ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන්ගේ ඉගැන්වීම් කටයුතු සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා මෙම තාක්ෂණ පීඨ ඉදිකරනු ලැබේ.

     

    මහින්දෝදය තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 25කි. අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 40ක් වැය කරනු ලැබේ. ඒ අනුව එක් මහින්දෝදය තාක්ෂණ පීඨයක් සඳහා වැය කරනු ලබන මුළු මුදල රුපියල් මිලියන 65ක් වේ. පළමු වටය යටතේ රටපුරා තාක්ෂණ පීඨ 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එහි ඉදිකිරීම් කටයුතු මාස 6ක කාලයක් ඇතුළත අවසන් කෙරේ.

     

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව 2013 වසරේ සිට ආරම්භ විය.

     

    මෙම විෂය ධාරාව යටතේ උසස් පෙළ සමත්වන සිසුන් සඳහා අධ්‍යාපනය ලැබීමට රජයේ විශ්වවිද්‍යාලයන්හි විද්‍යා පීඨයන්ට අවශ්‍ය පහසුකම් 2016 වසර වන විට ලබාදීමට සැලසුම් කර ඇත. මීට අමතරව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණික ආයතනයන්හි පුහුණුව ලැබීමටද මෙම සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටද නියමිතය. අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබයි.

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති මුල්ගල් තැබීමේ අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, පා.ම. ජේ.ආර්.පී. සූරියප්පෙරුම, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පළාත් සභා මන්ත‍්‍රී සුසාර දිනාල්, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුහු එක්ව සිටියහ.

     

    DB/KT

    mahindodaya1

     

    mahindodaya2

     

    mahindodaya4

     

    mahindodaya5

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya