මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ රත්නපුර පාසල් සිසුන් දැනුවත් කෙරේ

    ජූනි 03, 2014

    ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවැනි සම්මන්ත්‍රණය ඊයේ (02) රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    "සමාජ මාධ්‍ය හා නව යෞවනය" මැයෙන් පැවැත්වෙන මෙම විශේෂ සම්මන්ත්‍රණ මාලාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාව අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වේ.‍


    සමාජ මාධ්‍ය යහපත හා අයහපත සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා සිසුන් දැනුවත් කළ අතර පරිගණක භාවිතය හා සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටී. නන්දසාර මහතා සිසුන් දැනුවත් කළහ.

     

    මෙම සම්මන්ත්‍රණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ජේසු බිළින්දාගේ කන්‍යාරාමය, සීවලී මහා විද්‍යාලය, ඇලෝෂියස් විද්‍යාලය, මිහිඳු විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය සහ සුමන බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් සිසු සිසුවියන් 500කට අධික පිරිසක් සහභාගි වූහ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya