මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ පීඨ ඉදිකිරීමේ උතුරු මැද පළාත් උත්සවය

    ජූනි 03, 2014

    මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩසටහන යටතේ අද දිවයින පුරා ක්‍රියාත්මක වන මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250 ඉදිකිරීමේ වැඩපිළිවෙළේ උතුරු මැද පළාත් උත්සවය ඊයේ (02) තඹුත්තේගම මධ්‍ය මහා විදුහල් පරිශ‍්‍රයේ දී සිදු කෙරිණි.

     

    ලෝක නව නිපැයුම් තරගයෙන් දෙවන ස්ථානය ලබාගත් නාමල් උදාර සිසුවාට උපහාරයක් වශයෙන් ඔහු අධ්‍යාපනය ලබන තඹුත්තේගම මධ්‍ය මහා විදුහල් පරිශ‍්‍රයේ ඉදිකෙරෙන තාක්ෂණ විද්‍යා පීඨය සඳහා මුල්ගල් තැබීම අද සිදු කෙරුණේ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.

     

    රුපියල් ලක්‍ෂ හයසිය පනහක් (මිලියන 65) මේ සඳහා වැය කෙරෙන අතර තෙමහල් ගොඩනැගිල්ලක් මෙහි ඉදිවේ. ලංකාව පුරා ඉදිකෙරෙන තාක්ෂණ විද්‍යා පීඨ 250ට සමගාමීව උතුරු මැද පළාතේ තාක්ෂණ විද්‍යා පීඨ විසි දෙකක් (22) ඉදි කිරීමට නියමිතය.

     

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා ද පළාත් අධ්‍යාපන නිලධාරීන් ඇතුළු ආරාධිතයින් පිරිසක් ද එක් ව සිටියහ.

     

    Mahindodaya 02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya