මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයාම් හා සැඩ පහරට හසුවීමෙන් කළුතර මරණ 11යි

    ජූනි 02, 2014

    ඊයේ (01) සිට පවතින අධික වර්ෂා තත්ත්වය නිසා කළුතර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 11 දෙනෙකු මරණයට පත් වී තිබෙන බව කළුතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    අගලවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල්ගොඩ හා ඕමන්ත යන ප‍්‍රදේශවල පුද්ගලයින් 7 දෙනෙකු,  බුලත්සිංහල, මහගම බටහිර ප‍්‍රදේශයෙන් පුද්ගලයින් 3 දෙනෙකු නායයාම්වලට ලක්වීමෙන් මියගොස් තිබේ. මතුගම බදුගම ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙකු සැඩ පහරට හසු වීමෙන් මරණයට පත් වී ඇත.


    නායයාම් හා ගංවතුරට හසු වී ඇති ප‍්‍රදේශවල ජනයා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හා නාවික හමුදා බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් පවතින බව කළුතර දිස්ත‍්‍රික් ලේකම් යු.ඩි.සී. ජයලාල් මහතා පවසයි.


    DB/wms_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya