මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 02, 2014
    ඊයේට (01) යෙදුණු ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වුණු ජාතික වැඩසටහන ඊයේ (01) නුවරඑළිය නගර ශාලාවේදී පැවැත්විණි. 
     
    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන නුවරඑළිය මැතිවරණ දෙපාර්තමේන්තු කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
     
    ඊයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ පා ගමනකින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නුවරඑළිය නගර ශාලාවෙන් අවසන් විය. වසරකට වරක් සිදු කරනු ලබන ඡන්ද හිමියන් ගණන් ගැනීම හෙවත් ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙය සංවිධානය විය. 
     
    ඒ අනුව නුවරඑළිය, ගිනිගත්හේන, කොත්මලේ, වලපනේ සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සහභාගී වූ ග්‍රාම නිලධාරීන් බොහෝ දෙනෙක් මෙම පා ගමනට සහභාගී වී සිටියහ.
     
    මැයි 16 දින සිට ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර ගෙයින් ගෙට බෙදීම ග්‍රාම නිලධාරීන් වෙතින් සිදු වූ අතර ජූනි 02 වැනි දිනෙන් පසුව එම ආකෘති පත්‍ර නැවත භාර දීම සිදු කළ යුතුය.
     
    රටේ පරමාධිපත්‍ය ජනතාව සතු බවත් එය සිය ඡන්දය මත රැඳී ඇති බවත් එබැවින් ඡන්ද හිමියන්ගේ නාමලේඛනය නිවැරදිව සම්පූර්ණ කර ලබා දීම සිය වගකීම බවත් මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.
     
    නුවරඑළිය වැනි බහු වාර්ගික සහ දුෂ්කර පාරිසරික පෙදෙසක ග්‍රාම නිලධාරීන් කරනු ලබන සේවාව මෙහිදී ඉහළ ඇගයීමකට ලක් විය. 
     
    නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ කෙටි නාට්‍ය කිහිපයක් රඟ දැක් වූ අතර මෙම අවස්ථාව සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු පරිපාලන නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
     
    DB/ MS
     
    VOTERS AY 1
     
     
     
    VOTERS AY 2
     
     
     
    VOTERS AY 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya