මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට සංවර්ධනය ගෙනා රජයට මැතිවරණය ජය ගැනීම අභියෝගයක් නො වේ

    ජූනි 02, 2014
    රටට, ගමට සංවර්ධනය ගෙනා රජයට මැතිවරණය ජය ගැනීම අභියෝගයක් නො වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    "අධිවේගී මාර්ග රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන යුගයක් අපට අද උදාවෙලා තියෙන්නේ. රට ආසියාවේ ආශ්චර්ය වන සිහිනය අත ළඟයි. ඒ සිහිනය සැබෑ කරගන්න නගරයට සාපේක්ෂව අපේ ගමත් දියුණු විය යුතුයි. එදාට වඩා අද ගම තුළ විශාල ප්‍රගතියක්, දියුණුවක් අපට දකින්න ලැබෙනවා. ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි අපේ රජය නිරන්තරව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරන නිසා" යැයි කීය.
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා රත්නපුර පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    "මෙවැනි සංවර්ධන ව්‍යාපෘතින් රටපුරාම සිදු කරන වකවානුවක එ‍ළඹෙන ඕනෑම ජාතික මැතිවරණයකට ශක්තිමත්ව මුහුණ දෙමින් ජයග්‍රහණය කිරිමට අපේ රජයට පුළුවන්. සමෘද්ධිය,  ගම නැගුම, දිවි නැගුම, මඟ නැගුම ආදි විවිධ සංවර්ධන ව්‍යාපෘති ගමට ගෙන එමින් අපේ රජය හැම විටම උත්සහ කළේ අපහසුතා මැද ජිවිතය ගෙනයන අපේ ජනතාවට සුභසිද්ධිය ළඟා කරන්න. ඒ උත්සහය අද ඉතාමත් සාර්ථකයි කියලා තේරුම් යනවා අපේ ගම්වලට ආවාම. 
     
    අධිවේගි මාර්ගවලට සාපේක්ෂව සෑම ගමකම වාගේ දියුණු මාර්ග ක්‍රමයක් ඇති කරන්න අපේ රජයට පුළුවන් වුණා" යැයි ද පැවසීය.
     
    රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යංශය ආදි අමාත්‍යංශ විශාල ආයෝජනයක් සිදු කොට ඇත. 
     
    ඒ අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පසුගිය වසර කිහිපය තුළ පළාත් මාර්ග කාපට් කිරිම සඳහා රුපියල් මිලියන 3,500ක් පමණ වැය කොට ඇත. ඊට අමතරව ගම නැඟුම ව්‍යාපෘතිය යටතේ 2010- 2012 වර්ෂවල රුපියල් මිලියන 2,200ට අධික මුදලක් රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වැය කොට ඇත. මේ ආයෝජන වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සඳහා යොදවා ඇත. 
     
    රටේ සෑම දිස්ත්‍රික්කයකම සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක බවත් මේ රටේ ජනතාවට මේ රජය කිසිම සෙතක් සලසලා  නැතැයි කියා කිසිවෙකුටත් රජයට චෝදනාකළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල, විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, පළාත් සභා අමාත්‍ය අතුල රාහුබද්ධ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    MP WDJ ROAD PROJECT
     
    MP WDJ ROAD PROJECT 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya