මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිත විෂය සාධනය නැංවීමට මහජන අදහස් විමසයි

    මැයි 30, 2014

    අ.පො.ස.(සා.පෙළ) විභාගයේ ගණිත විෂය සමත්වන්නන්ගේ ප්‍රතිශතය ඉහළ නැංවීම පිණිස ක්‍රියා කළ යුතුව ඇති ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සුදුසු නිර්දේශ සැපයීම සඳහා පත්කළ විශේෂ උපදේශක කමිටුව පහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ අදහස් හා යෝජනා අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කරයි.


    i.      විෂය මාලාව හා ගණිත විෂය නිර්දේශ.

    ii.     ගණිත පෙළ පොත්, ගුරු උපදෙස් සංග්‍රහය යනාදී ඉගෙනුම් ඉගැන්වීම් ආධාරක.

    iii.    ඇගයීම් ක්‍රම, පාසල් පදනම් කර ගත් ඇගයීම් හා පොදු සහතිකපත් විභාග.

    iv.     ගණිත ගුරු බඳවා ගැනීම්, ස්ථානගත කිරීම, පුහුණු කිරීම සහ ගණිත ගුරු කාර්යමණ්ඩලයේ හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය.

    v.      අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා අධ්‍යාපන දෙපාර්තමේන්තු අතර ගණිත විෂයය සංවර්ධනයෙහිලා පවතින කාර්යානුබද්ධ සම්බන්ධීකරණය.


    ඒ අනුව මෙම ක්ෂේත්‍ර යටතේ සාමාන්‍ය පෙළ දක්වා ගණිත අධ්‍යාපනයට අදාළව ඔබ හඳුනාගෙන ඇති ප්‍රධාන ගැටලු සහ යෝජිත විසඳුම් ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් “සභාපති, විශේෂ ගණිත උපදේශක කමිටුව, ගණිත ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට 2014 ජුනි 10 දිනට පෙර එවීම මගින් ගණිතය අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමේ ජාතික කර්තව්‍යයට දායක වීමට ඔබට ද අවස්ථාවක් උදා වී ඇති බැවින් ඔබ යෝජනා අතිශයින් අගය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වැඩිදුරටත් සඳහන් කරයි.


    HC/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya