මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත සංවර්ධනයට බි‍්‍රතාන්‍ය රජයේ සහය

    මැයි 30, 2014

    උතුරු මැද පළාතේ වාරිමාර්ග, සෞඛ්‍යය සහ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහය ලබාදෙන බව බි‍්‍රතාන්‍ය මහ කොමාසාරිස් ජෝන් රැන්කින් මහතා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සමග ඉකුත් අඟහරුවාදා අනුරාධපුර ප‍්‍රධාන අමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවකදී පැවසීය.


    උතුරු මැද පළාතේ වාරිමාර්ග පද්ධතිය සකස් කිරීම, වකුගඩු රෝගී ප‍්‍රදේශ උදෙසා පානීය ජල පහසුකම් සැපයීම හා ඉංග‍්‍රීසි භාෂාව පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහය දක්වන බව රැන්කින් මහතා එම සාකච්ඡාවේ දී අවධාරණය කළේය.
     

    විශේෂයෙන්ම උතුරු මැද පළාතේ පෙරපාසල් අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ද ඉංග‍්‍රීසි විද්‍යා ගණිතය විෂයන් පිළිබඳ උතුරු මැද පළාතේ පාසල් දරුවන්ට උසස් දැනුමක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදි  ප‍්‍රධාන අමාත්‍යවරයා මහ කොමාසාරිස්වරයා දැනුවත් කළේය.


    උතුරු මැද පළාතේ ජන ජීවිත නගාසිටුවීම සඳහා වාරිමාර්ග, වැව්, පානීය ජල යෝජනා ක‍්‍රම ඇරඹීම පිළිබඳවත් විශේෂයෙන්ම ග‍්‍රාමීය මට්ටමෙන් ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහාත් පෙර පාසල් අධ්‍යාපනය හා විද්‍යා ගණිත දැනුම ලබා දීමේ ව්‍යාපෘති වාර්තා තමන් වෙත කඩනමින් ලබා දෙන ලෙස බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
     

    මෙම සාකච්ඡාවට උතුරු මැද ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී හේරත්, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න මහත්වරු ප‍්‍රමුඛ උසස් නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.


    UP/ku

    british high commissioner meet NCP chief minister

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya