මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා හිංසනය තුරන් කිරීම ගැන වැඩමුළුවක් මඩකළපුවේදී

    මැයි 30, 2014

    කාන්තා හිංසනය තුරන් කිරීමට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් පසුගිය සඳුදා සහ අඟහරුවාදා මඩකළපුව, පාසිකුඩා, අමායා නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.


    මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් පී.එම්.එස්. චාල්ස් මහත්මියගේ මග පෙන්වීම යටතේ 2012 සිට මේ සම්බන්ධයෙන් තුන් අවුරුදු සැලැස්මක් ක‍්‍රියාත්මක වේ.


    දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සහ ඔක්ස්ෆෑම් (OXFAM) ආයතනයේ අනුග‍්‍රාහකත්වය යටතේ සංවිධානය කළ මෙම වැඩමුළුවට මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 14ක සේවයේ නියුතු නිලධාරීහු , රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයෝ මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතයෝ 110ක් ද සහභාගී වූහ.


    කාන්තා හිංසනය පිළිබඳ සමාජයීය හා දේශීය වශයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. පළමු දින දේශකයා ලෙස කාන්තා හිංසනය පිළිබඳ ලේකම් කාර්යාලයේ සාමාජික ඒ. සොර්නලිංගම් මහතා සහභාගී වූ අතර අවසන් දින වැඩමුළුව පැවැත්වූයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය කාන්තා සංවර්ධන නිලධාරිනී එස්. අරුණාලිනී මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි.


    මෙම අවස්ථාවට මඩකළපුව දිස්ත‍්‍රික් අතිරේක ලේකම් එස්. ගිරිදරන්, සහකාර දිස්ත‍්‍රික් ලේකම් එස්. රංගනාදන් මෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරු, වෛද්‍යවරු හා දිස්ත‍්‍රික්කයේ කාන්තා සංවර්ධන නිලධාරීහු රැසක් ද වූහ.


    UW

    gender2 1

     

    gender3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya