මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වට්ටප්පල කෝවිලේ වාර්ෂික උත්සවය ජූනි 03 සිට 09 දින දක්වා

    මැයි 30, 2014
    මුලතිව්හි වට්ටප්පල කෝවිලේ වාර්ෂික උත්සවය ජූනි 03 සිට 09 දින දක්වා ඉතා උසස් මට්ටමින් පැවැත්වීමට යුද හමුදාව කටයුතු සංවිධානය කර ඇත.


    වාර්ෂිකව පවත්වනු ලබන මේ උත්සවය සඳහා මෙවර දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ 4ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලබන්නේ මුලතිව්හි ආරක්ෂක සේනා මූලස්ථානය විසිනි. මේ වන විටත් කෝවිල අවට භූමිය ශුද්ධ පවිත්‍ර කිරීම, සනීපාරක්ෂක පහසුකම් හා අත්‍යවශ්‍ය පාරවල් අලුත්වැඩියා කිරීම් ආදී කටයුතු සිදු කරමින් පවතින බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පසුගිය බදාදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

     

    මෙම පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ සඳහා මෑතකදී යුද හමුදාවට බදවා ගන්නා ලද දමිළ ජාතික සෙබළියන්ද යොදවා ඇති බවත් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම උත්සවය මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවත් බ්‍රිගේඩියර් ජයවීර මහතා පැවසීය. 

     

    මේ උත්සව සමයේදී යුද හමුදාව විසින් පැමිණෙන බැතිමතුන් සඳහා බත් දන්සලක්, නෙළුම් මල් දන්සලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රධාන උත්සවය පවත්වනු ලබන අවස්ථාවේදී ගුවන් හමුදාව විසින් අහසේ සිට මල් ඉසීමේ කටයුතුද සිදුකරනු ලබන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya